මක්නිසාද නුඹ නුඹේ ආරක්ෂා පර්වතය සිහිනොකර, නුඹේ ගැළවීමේ දෙවියන්වහන්සේ මතක නැතිකෙළෙහිය; එබැවින් නුඹ ප්‍රියකරු ගස් පංක්ති හිටවන්නෙහිය; අන්‍ය පැළෑටිද එහිම වවන්නෙහිය.
යෙසායා 17:9 - Sinhala Revised Old Version ඒ දවසෙහි ඔහුගේ සවි ඇති නුවරවල් කැලෑවෙහිද කඳුමුදුන්වලද ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් අත්හැරීගිය ඉඩම්මෙන් වී, පාළුවක් වන්නේය. Sinhala New Revised Version ඒ දවස පැමිණි විට මනා සේ ආරක්ෂා කරන ලද ඒ නගර පාළු වී ඉශ්රායෙල්වරුන් කෙරෙන් හිවීවරුන් ද අමෝරිවරුන් ද පාළුවට හැර පලා ගිය නගර මෙන් නටබුන් වන්නේ ය. Sinhala New Revised Version 2018 ඒ දවස පැමිණි විට මනා සේ ආරක්ෂා කරන ලද ඒ නගර පාළු වී ඉශ්රායෙල්වරුන් කෙරෙන් හිවීවරුන් ද අමෝරිවරුන් ද පාළුවට හැර පලා ගිය නගර මෙන් නටබුන් වන්නේ ය. |
මක්නිසාද නුඹ නුඹේ ආරක්ෂා පර්වතය සිහිනොකර, නුඹේ ගැළවීමේ දෙවියන්වහන්සේ මතක නැතිකෙළෙහිය; එබැවින් නුඹ ප්‍රියකරු ගස් පංක්ති හිටවන්නෙහිය; අන්‍ය පැළෑටිද එහිම වවන්නෙහිය.
තමාගේ මැවුම්කාරයාණන් දෙස බලන්නේය, ඔහුගේ ඇස්ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙසට හැරෙන්නේය.
මක්නිසාද බලකොටු නුවර කාන්තාරය මෙන් පාළුවූ අත් අරිනලද නිවාසයක්ව, හුදකලාව තිබේ. වස්සා ඒකේ තෘණ කන්නේය, ඌ එහි ලැග ඒකේ අතු කන්නේය.
එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.
ඊසාක්ගේ උස්තැන් නාස්තිවන්නේය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධස්ථාන පාළුවන්නේය; මම යෙරොබොවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමියි කීසේක.
මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.