ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 10:21 - Sinhala Revised Old Version

ඉතිරි අය, එනම් යාකොබ්ගේ ඉතිරි අය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේ වෙතට හැරී එනවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල්හි ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ වෙත හැරී එනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්හි ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ වෙත හැරී එනු ඇත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 10:21
17 හුවමාරු යොමු  

යම් කෙනෙක් ඉතිරිව යම් තැනක සිටීද ඔහුට ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර රන් රිදීද බඩු සහ මෘගයන්ද දෙමින් උපකාරකෙරෙත්වායි පාර්සියාවේ රජවූ කෝරෙෂ් කියන්නේය කියා හඬිනුත් ලියවිල්ලෙනුත් පතළකෙළේය.


මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත.


යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළ ඵල දරනවා ඇත.


ගර්භයේ සිට මා විසින් උසුලනලද්දාවූ, කුසේ සිට ගෙනයනලද්දාවූ යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ ඉතිරිවූ සියල්ලෙනි, මාගේ වචන අසන්න:


දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.


මිදුම්කාරයෙක් සියොන් වෙතටත් යාකොබ් තුළ අපරාධ අත්හරින්නන් වෙතටත් එනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එකල ස්වාමීන්වහන්සේ යෙසායාට කථාකොට: නුඹ සහ නුඹේ පුත්‍රවූ ෂෙයාර්-යාෂුබ් ආහාස් සම්බවෙන්ට අපුල්ලන්නන්ගේ පිටියේ මාවතෙහි ඉහළ පොකුණේ කාණුවේ කෙළවරට ගොස් ඔහුට කථාකොට:


එහෙත් සෙනඟ තමුන්ට පහරදුන් තැනන්වහන්සේ වෙතට නොහැරී, සේනාවල ස්වාමීන්වහන්සේ නොසෙවුවෝය.


මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.


ඒ දවස්වල සහ ඒ කාලයේදී ඉශ්‍රායෙල්ගේ අයුතුකම සොයන නුමුත් එය නොතිබෙයි; යූදාගේ පාපයන් සොයන නුමුත් ඒවා සම්බ නොවෙයි. මක්නිසාද මා විසින් ඉතුරුකරන අයින්ට කමාවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.


එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.


ඉශ්‍රායෙල්ගේ පාරට්ටුවවූ දේවරූප ඔහුගේ මුහුණටම සාක්ෂිදෙයි. මේ සියල්ල මෙසේව තිබෙන නුමුත්, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ නොසෙවුවෝය.


ඔවුන් හැරෙන නුමුත් මහෝත්තමයාණන් වෙතට නොවේය; ඔවුන් හොර දුන්නක් මෙන්ය. ඔවුන්ගේ අධිපතීහු තමුන්ගේ දිව්වල අහංකාරකම නිසා කඩුවෙන් වැටෙන්නෝය. මිසර දේශයේදී මේක ඔවුන්ට නින්දාවක් වන්නේය.


පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි.