යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය.
යාකොබ් 1:16 - Sinhala Revised Old Version මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. Sinhala New Revised Version මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. සිංහල කාලීන පරිවර්තනය නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි. Sinhala New Revised Version 2018 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. |
යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා වරද්දාගන්නේ ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදන්න නිසා නොවේද?
උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේය. නුඹලා බොහෝසේ වරද්දාගන්නහුයයි කීසේක.
මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:
නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්,
නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.
එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;
එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.
ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න.
මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද?
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.
මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයන්න,
ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.
සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව කථා නොකරන්න. සහෝදරයෙකුට විරුද්ධව කථාකරන්නා නොහොත් තමාගේ සහෝදරයා විනිශ්චයකරන්නා ව්‍යවස්ථාවට විරුද්ධව කථාකරන්නේය, ව්‍යවස්ථාව විනිශ්චයකරන්නේය. ඉඳින් නුඹ ව්‍යවස්ථාව විනිශ්චයකරන්නෙහි නම්, නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චයකාරයෙක්ය.
නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.