තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.
ප්‍රේම ගී 7:1 - Sinhala Revised Old Version අධිපතියාණන්ගේ දුවණියෙනි, වහන් සහිත නුඹේ අඩි තැබීම කොපමණ ලක්ෂණද! නුඹේ කළවා සන්ධි දක්ෂ කම්කරුවෙකුගේ අතින් කළ ආභරණ මෙන්ය. Sinhala New Revised Version රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය. Sinhala New Revised Version 2018 රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය. |
තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.
රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.
දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයවූ විනිශ්චයේ ළය වැස්මක් ඒඵොද් සැට්ටයේ වැඩ වාගේ සාදන්න; රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද ඒක සාදන්න.
ඔවුන්ගේ නග්නකම වසන පිණිස ඔවුන්ට හණ රෙදි කලිසම් සාදන්න; ඒවා ඉඟටිය පටන් කළවය දක්වා විය යුතුය.
කැටයම්කරන්නාගේද දක්ෂ කම්කරුවාගේද නිල්, රත්නිල්, රතු නූලින් සහ සිහින් හණවලින් ගොතන්නාගේද වියන්නාගේද කොයි කර්මාන්තයක් නුමුත් කරන්නාගේද දක්ෂ කර්මාන්ත යොදන්නන්ගේද සියලු ආකාර කර්මාන්ත කරන්ට ඔවුන්ගේ සිත් ප්‍රඥාවෙන් පූර්ණකළසේක.
නුඹේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, නුඹේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය.
නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.
නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.
මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.