ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ප්‍රේම ගී 1:10 - Sinhala Revised Old Version

නුඹේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද නුඹේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.

පරිච්ඡේදය බලන්න



ප්‍රේම ගී 1:10
14 හුවමාරු යොමු  

තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:


මමද: නුඹ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ: මිල්කා නාහොර් නිසා බිහිකළ පුත්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි.


මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.


ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,


මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.


රිදී පොහොට්ටු ඇති රන් මාලා නුඹට සාදා දෙන්නෙමුව.


මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.


ඔහුගේ කම්මුල් සුවඳ ගස් පාත්තියක්ද සුවඳ පැළ ඇති ගොඩැලිද මෙන්ය. ඔහුගේ තොල් මානෙල් මෙනි, දියවර ගන්ධරස එයින් වෑහෙන්නේය.


මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.


එබැවින් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට එකිනෙකාට සම්බවී තිබෙන හැටියට ස්වර්ණාභරණ වන පාද මාලාද අත් වළලුද පේරැස් මුදුද කුණ්ඩලාභරණද මාලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ ප්‍රාණ උදෙසා සමඟිකමක් කරන පිණිස ගෙනාවෙමුයයි මෝසෙස්ට කීවෝය.


දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.