නෙහෙමියා 7:11 - Sinhala Revised Old Version පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයන් දෙදාස් අටසිය දහඅට දෙනෙක්ය. Sinhala New Revised Version පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය. Sinhala New Revised Version 2018 පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය. |
හාරීම්ගේ පුත්‍රවූ මල්කියාද පාහත්-මෝවබ්ගේ පුත්‍රවූ හප්ෂූබ්ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියාකළෝය.
ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය.