නෙහෙමියා 11:32 - Sinhala Revised Old Version අනාතෝත්හිද නොබ්හිද අනනියාහිද; Sinhala New Revised Version අනාතොත්හි ද නොබ්හි ද අනනියාහි ද; Sinhala New Revised Version 2018 අනාතොත්හි ද නොබ්හි ද අනනියාහි ද; |
ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.
බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.
එවිට දාවිත් නොබ්හි අභිමෙලෙක් පූජකයා වෙතට පැමුණුණේය. අහිමෙලෙක් දාවිත් සම්බවෙන්ට වෙවුලමින් ඇවිත්: කිසිවෙකු නුඹ සමඟ නැතුව තනියම ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට–මා විසින් නුඹ යවන්නාවූ නුඹට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ.
ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ට එනම් එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත් බාලයන්ට හා කිරිදරුවන්ටත් ගවයන්ට හා කොටළුවන්ටත් බැටළුවන්ටත් කඩු මුවහතින් පහරදුන්නේය.