දේශනාකාරයා 7:27 - Sinhala Revised Old Version බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය. Sinhala New Revised Version කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. Sinhala New Revised Version 2018 කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. |
එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.
මට සම්බ නූණාවූ, මාගේ සිත තවමත් සොයන්නාවූ, කාරණයක් මෙසේය: දහසක් අතරෙහි එක මිනිහෙක් මට සම්බවුණ නුමුත් එපමණ දෙනෙක් අතරෙහි එක ස්ත්‍රියක් මට සම්බනොවීය.