මා කල්පනාකරමින් සිටියදී, බලව, එළුවෙක් බස්නාහිරින් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය.
දානියෙල් 8:6 - Sinhala Revised Old Version ගංගාව ඉදිරියෙහි සිටිනවා මා දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා දෙසට ඌ ඇවිත්, තමාගේ බලවත් කෝපයෙන් ඌ ළඟට දිවුවේය. Sinhala New Revised Version ගං ඉවුරේ සිටිනු මා දුටු, අං දෙකක් ඇති බැටළුවා දෙසට ඌ යමින්, අධික කෝපයෙන් බැටළුවා දෙසට දිව්වේ ය. |
මා කල්පනාකරමින් සිටියදී, බලව, එළුවෙක් බස්නාහිරින් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය.
ඌ බැටළුවා වෙතට ළංවෙනවා දුටිමි, ඌ බැටළුවා කෙරෙහි ක්‍රෝධවී, ඌට ඇන, උගේ අං බිඳදැමීය; ඌට විරුද්ධව සිටින්ට බැටළුවාට කිසි බලයක් නොතිබුණේය. ඌ බැටළුවා බිම දමා පෑගුවේය; උගේ අතින් බැටළුවා ගළවන්ට කිසිවෙක් නොසිටියේය.