තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
දානියෙල් 8:1 - Sinhala Revised Old Version දානියෙල් වන මට මුලදී පෙනුණු දර්ශනයට පසුව බේල්ෂෙශර් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී තවත් දර්ශනයක් මට පෙනුණේය. Sinhala New Revised Version බෙල්ෂෙසර් රජුගේ පාලනයේ තුන් වන අවුරුද්දේ දී දානියෙල් වන මට ඉහත කී දර්ශනයට සමාන තවත් දර්ශනයක් පෙනුණේ ය. |
තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
මේ යෞවනයන් සතරදෙනාට නම් දෙවියන්වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන්සේක. දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණේය.
දානියෙල් වන මම පමණක් දර්ශනය දුටිමි. මා සමඟ සිටි මනුෂ්‍යයන් දර්ශනය දුටුවේ නැත; එහෙත් මහත් භීතියක් ඔවුන් පිටට පැමිණ, ඔව්හු සැඟවෙන පිණිස පලාගියෝය.
ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය.
බබිලෝනියේ රජවූ බේල්ෂශර්ගේ පළමුවෙනි අවුරුද්දේ දානියෙල් තමාගේ යහනේදී ස්වප්නයක්ද තමාගේ හිසේ දර්ශන වගයක්ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා කාරණා සියල්ලම කීවේය.
කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතිවිලිවලින් බොහෝසෙයින් කැලඹුණෙමි, මා කෙරෙහි මාගේ මුහුණේ පාටද වෙනස්විය. නුමුත් කාරණය මාගේ සිතේ තබාගන උන්නෙමි.
තවද දානියෙල් වන මම දර්ශනය දුටුවිට එහි තේරුම සෙවීමි; එවිට මනුෂ්‍ය පෙනීමක් ඇති කෙනෙක් මා ඉදිරියෙහි සිටියේය.
දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.
එනම් ඔහුගේ රජකම්කිරීමේ පළමුවෙනි අවුරුද්දේදී, යෙරුසලම පාළුව තිබීමේ සම්පූර්ණත්වයයයි ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු අවුරුදු ගණන සැත්තෑ අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම්ගත්තෙමි.