දානියෙල් 6:17 - Sinhala Revised Old Version තවද ගලක් ගෙනැවිත් ගුහාවේ කටේ තබනලද්දේය; දානියෙල් ගැන නියමය වෙනස්නොවන පිණිස රජ තමාගේ මුද්‍රයෙන්ද තමාගේ උත්තමයන්ගේ මුද්‍රයෙන්ද ඒක මුද්‍රකෙළේය. Sinhala New Revised Version තවද, දානියෙල් සම්බන්ධයෙන් කරන ලද නියමය වෙනස් නොකළ හැකි වන ලෙස, ගලකින් සිංහ ගුහාවේ කට වසා, එය රාජ මුද්‍රාවෙන් ද උත්තමයන්ගේ මුද්‍රාවලින් ද මුද්‍රා කරනු ලැබී ය. |
ශෙදෙකියා රජද: මෙන්න, ඔහු නුඹලාගේ අතෙහිය. නුඹලාට විරුද්ධව කිසිවක් කරන්ට රජුට බැරියයි කීවේය.
ඔහු අල්ලා හිරගෙයි තබා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්ට සිතා, හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය.
ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය. මින්පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනෑය.