දානියෙල් 3:5 - Sinhala Revised Old Version හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටී, නෙබුකද්නෙශර් රජ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්ට නුඹලාට අණකරනලද්දේය. Sinhala New Revised Version හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඔබට ඇසෙන විට, දණින් වැටී නෙබුකද්නෙශර් රජතුමා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්න රජතුමා අණ කොට ඇත. |
එකල නෙබුකද්නෙශර් රජ මුහුණින් වැටී, දානියෙල්ට වැඳ, ආහාර පූජාවක්ද සුවඳ ද්‍රව්‍යද ඔහුට පූජාකරන්ට අණකෙළේය.
රජ්ජුරුවෙනි, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාරකරන හැටියටද,
ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.
එබැවින් සියලු ජනයන්ට හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසුණු වේලාවේ සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද බිම වැටී, නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රන් රූපයට නමස්කාර කළෝය.