ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 10:20 - Sinhala Revised Old Version

එවිට ඔහු: මම නුඹ ළඟට කුමකට ආයෙම්දැයි දන්නෙහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමඟ යුද්ධකරන්ට හැරී යන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔහු මෙසේ කී ය: “මම නුඹ වෙත කුමන කරුණක් නිසා ආවෙම් දැ යි නුඹ දන්නෙහි ද? පළමු කොට මම පර්සියාවේ අධිපතියා සමඟ සටන් කරන්නට ආපසු යන්නෙමි. ඉන්පසු ග්‍රීසියේ අධිපතියා එන්නේ ය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 10:20
8 හුවමාරු යොමු  

එවිට දේශයේ සෙනඟ යූදා සෙනඟගේ අත් දුර්වලකර, ගොඩනැගීමේදී ඔවුන් කලඹා,


ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.


පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධව සිටියේය; නුමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මීකායෙල් තෙම මට උපකාරකරන්ට ආයේය. එසේ මම පර්සියාවේ රජවරුන් වෙත එහි ප්‍රමාදවුණෙමි.


ඉන්පසු තවත් එකෙකු දුටිමි; ඌ කොටියෙකු මෙන්ය, පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේය; ඒ මෘගයාට හිස් සතරකුත් තිබුණේය; ආණ්ඩු බලයද ඌට දෙනලද්දේය.


රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය.


ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.