ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 31:12 - Sinhala Revised Old Version

පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද නුඹේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ස්ත්‍රීන් සහ පුරුෂයන් ද දරුදැරියන් ද ඔබේ නගරවල සිටින විදේශිකයන් ද එක්රැස් කොට, ඔවුන් මේ නීතිය අසා දැනගෙන දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත්, මේ නීතියේ අඩංගු කරුණු සියල්ල පිළිපැදීමටත් ඔවුන්ට එය කියවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ස්ත්‍රීන් සහ පුරුෂයන් ද දරුදැරියන් ද ඔබේ නගරවල සිටින විදේශිකයන් ද එක්රැස් කොට, ඔවුන් මේ නීතිය අසා දැනගෙන දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත්, මේ නීතියේ අඩංගු කරුණු සියල්ල පිළිපැදීමටත් ඔවුන්ට එය කියවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 31:12
14 හුවමාරු යොමු  

එස්රා අඬමින් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියේ වැටී ඉඳ යාච්ඤාකොට පව් කියා සිටියදී, ඉශ්‍රායෙල්වරුන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළමයින්ද ඉතා මහත් සමූහයක් ඔහු වෙතට රැස්වුණෝය. මක්නිසාද සෙනඟ බොහෝසෙයින්ම ඇඬුවෝය.


ඔව්හු මෝසෙස් අණකළ දේ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ගෙනාවෝය. මුළු සභාවද ළඟට අවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියාය.


එකල ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාද සෙනඟගෙන් අනික් සියල්ලෝද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත් කීකරුවූවෝය; එසේ සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි භයවූවෝය.


ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;


රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.


එබැවින් නුඹලා කරන සියල්ලෙහි නුඹලා සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න.


එය දැනනොගත් ඔවුන්ගේ දරුවන්ද අසා නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට නුඹලා ජීවත්වෙන සියලු දවස්වල නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙනගන්න පිණිසද සෙනඟ රැස්කරන්නැයි කීවේය.


ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල නුඹ හොරෙබ්හිදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.


සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය.


මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සභාවද ස්ත්‍රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය.