අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.
ද්විතීය නීතිය 2:21 - Sinhala Revised Old Version මොව්හු අනාක්වරුන් මෙන් මහත්වූ බොහෝවූ උස්වූ සෙනඟක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් මොවුන් ඉදිරියෙන් විනාශකළසේක; මොව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි විසුවෝය. Sinhala New Revised Version අනාක්වරුන් මෙන් ඔව්හු ද බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් වනසා ලූ නිසා, අම්මොන්වරු එම රට අල්ලාගෙන එහි පදිංචි වූ හ. Sinhala New Revised Version 2018 අනාක්වරුන් මෙන් ඔව්හු ද බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් වනසා ලූ නිසා, අම්මොන්වරු එම රට අල්ලාගෙන එහි පදිංචි වූ හ. |
අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.
(එයද රෙඵායිම් යෝධයන්ගේ දේශයක්යයි කල්පනා කරනු ලැබේ. රෙඵායිම් යෝධයෝ ඉහතදී එහි විසුවෝය; එහෙත් අම්මොන්වරු ඔවුන්ට සම්සුම්මිවරුයයි කියති;
උන්වහන්සේ සේයිර්හි වාසයකළ ඒසව් පුත්‍රයන් ඉදිරියෙන් හෝරිවරුන් විනාශ කිරීමෙන් ඔවුන් උදෙසා කළාක් මෙන්ම මොවුන්ටත් කළසේක; ඔව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි අද දක්වා වාසයකරති.
(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)
නුඹේ දෙවිවූ කෙමොෂ් නුඹට හිමිකරගැනීමට දෙන දේ නුඹ හිමිකරගන්නවා නොවේද? එලෙසම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙන් පන්නාදැමූ සියල්ලන්ගේ රට අපිත් හිමිකරගනිමුව.