දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.
ද්විතීය නීතිය 2:1 - Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේ මට කීලෙස අපි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කොට බොහෝ දවස් සේයිර් කඳුකරය වටේ ගියෙමුව. Sinhala New Revised Version “ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු Sinhala New Revised Version 2018 “ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු |
දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.
ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.
උන්වහන්සේ මිසරයේ යුද්ධ සේනාව සහ ඔවුන්ගේ අශ්වයන්ටත් රථවලටත් කළ දෙය එනම් ඔවුන් නුඹලා ලුහුබැඳ එද්දී උන්වහන්සේ රතු මුහුදේ වතුර ඔවුන් පිටට පමුණුවා අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔවුන් විනාශ කළ හැටිද,
පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.