දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි.
ද්විතීය නීතිය 18:14 - Sinhala Revised Old Version මක්නිසාද නුඹ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් නුඹට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත. Sinhala New Revised Version එවිට මෝසෙස් මෙසේ කීවේ ය: “ඔබ පලවා හරින්න යන මේ ජාතීහු නැකත් බලන්නන්ට ද පේන කියන්නන්ට ද සවන් දුන්හ. එහෙත් ඔබට නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවැනි දේවලට ඉඩ නොදෙන සේක. Sinhala New Revised Version 2018 එවිට මෝසෙස් මෙසේ කීවේ ය: “ඔබ පලවා හරින්න යන මේ ජාතීහු නැකත් බලන්නන්ට ද පේන කියන්නන්ට ද සවන් දුන්හ. එහෙත් ඔබට නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවැනි දේවලට ඉඩ නොදෙන සේක. |
දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි.
ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.
ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති.
එබැවින්: නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි නුඹලාට කියන නුඹලාගේ අනාගතවක්තෘවරුන්ටද නුඹලාගේ පේනකියන්නන්ටද නුඹලාගේ ස්වප්නවලටද නුඹලාගේ මායම්කාරයන්ටද නුඹලාගේ මන්ත්‍රකාරයන්ටද ඇහුම්කන්නොදෙන්න.
දානියෙල් රජු ඉදිරියේ උත්තරදෙමින්: රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන;
උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක.
තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,