ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 10:6 - Sinhala Revised Old Version

(ඉශ්‍රායෙල් පුත්‍රයෝ බීරොත් බෙනෙ-යාකන්හි සිට මොසේරාට පිටත්ව ගියෝය. එහිදී ආරොන් මැරී එහි තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් ඔහු වෙනුවට පූජක තනතුරේ මෙහෙය ඉෂ්ට කෙළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 10:6
7 හුවමාරු යොමු  

දෙවෙනි වර මහත් හඬකින් පිම්බ කල දකුණු පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. එසේ ඔවුන්ගේ ගමන් පිණිස මහත් හඬකින් පිඹින්නෝය.


නුඹ ඒක දුටු පසු නුඹේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් නුඹත් නුඹේ සෙනඟට එකතුවන්නෙහිය.


පූජකවූ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු සතළිස්වෙනි අවුරුද්දේ පස්වෙනි මස පළමුවෙනි දින ස්වාමීන්වහන්සේගේ අණ පිට හෝර් කන්දට නැගී ගොස් එහි මැරුණේය.