නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.
ද්විතීය නීතිය 1:42 - Sinhala Revised Old Version නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න, සටන් නොකරන්න; මක්නිසාද මම නුඹලා අතරෙහි නොසිටිමියි කියා ඔවුන්ට කියන්නැයි කීසේක. Sinhala New Revised Version “එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘ඔවුන්ට නොයන්නටත්, සටන් නොකරන්නටත් කියන්න. මන්ද, මා ඔබ සමඟ වැඩ නොසිටින බැවින් ඔබේ සතුරන් ඔබ පරාජය කරනු ඇතැ’යි වදාළ සේක. Sinhala New Revised Version 2018 “එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘ඔවුන්ට නොයන්නටත්, සටන් නොකරන්නටත් කියන්න. මන්ද, මා ඔබ සමඟ වැඩ නොසිටින බැවින් ඔබේ සතුරන් ඔබ පරාජය කරනු ඇතැ’යි වදාළ සේක. |
නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.
ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!
මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.
පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්‍රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්‍රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.
පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසී යුද්ධය පැතිර ගිය විට, ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙහි පරාජය වූහ. ඔව්හු යුද භූමියෙහි සේනාවෙන් මනුෂ්‍යයන් හාරදාහක් පමණ මැරුවෝය.