සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
ජොයෙල් 2:7 - Sinhala Revised Old Version උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය. Sinhala New Revised Version රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි. Sinhala New Revised Version 2018 රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි. |
සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
ඒ දවසේදී දාවිත් කථාකොට: යෙබූසිවරුන්ට පහර දෙන සියල්ලෝම වතුර පාරට වැද, දාවිත්ගේ ආත්මය ද්වේෂකරන ඒ කොරුන්ටත් අන්ධයන්ටත් පහර දෙත්වයි කීවේය. එබැවින් අන්ධයාටත් කොරාටත් ගෙට ඇතුල්වෙන්ට නොලැබේයයි මනුෂ්‍යයෝ කියත්,
උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක.
ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකුමෙන් ප්‍රීතිවෙයි.
ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට අයිති නැත.
උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත.
උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති.