ජොයෙල් 1:6 - Sinhala Revised Old Version මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ. Sinhala New Revised Version ගිණිය නොහැකි, බලසම්පන්න පළඟැටි සේනාවක් මාගේ රට ආක්‍රමණය කර ඇත. ඔවුන්ගේ දත් සිංහ දත් මෙන් ය. සිංහ ධේනුවකගේ දළ ඔවුන්ට ඇත. Sinhala New Revised Version 2018 ගිණිය නොහැකි, බලසම්පන්න පළඟැටි සේනාවක් මාගේ රට ආක්‍රමණය කර ඇත. ඔවුන්ගේ දත් සිංහ දත් මෙන් ය. සිංහ ධේනුවකගේ දළ ඔවුන්ට ඇත. |
පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.
මාගේ සෙනඟගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය.
යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.
ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ දේශයෙහි වසන්ට නොලැබේ; එප්‍රායිම් මිසරයට හැරීයන්නේය, අෂූර්හිත් ඔවුන් අපවිත්‍ර ආහාර කනවා ඇත.
මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.