ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 30:28 - Sinhala Revised Old Version

මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි; සභාවෙහි නැගිට පිහිට ඉල්ලා කෑ ගසමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි; සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි; සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 30:28
7 හුවමාරු යොමු  

මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නුමුත් යුක්තිය ඉෂ්ටවීමක් නැත.


එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ.


මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි; දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි.


ඔබ කුමට මා සිහිනැතිකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්දැයි මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේට කියන්නෙමි.


මක්නිසාද ඔබ මාගේ ශක්තියවූ දෙවියන්වහන්සේය; කුමක් නිසා ඔබ මා පහකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්ද?