ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝනා 3:10 - Sinhala Revised Old Version

එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.

පරිච්ඡේදය බලන්න



යෝනා 3:10
18 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට කරන්නේයයි කී විපත ගැන තැවුණසේක.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.


උදුරා කඩාදමා නැතිකරන්නෙමියි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල,


මා විසින් එසේ කථාකළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුණොත්, මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.


මා විසින් යූදා වංශයට කරන්ට අදහස්කරන මුළු විපත්තිය ගැන සමහරවිට ඔවුන් අසා, මා විසින් ඔවුන්ගේ අයුතුකමත් පාපයත් කමා කරන පිණිස එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇතැයි කීය.


නුඹලා මේ දේශයේම සිටින්නහු නම් මම නුඹලා කඩා නොදමා ගොඩනගන්නෙමි, නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් නුඹලාට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.


එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක.


ස්වාමීන්වහන්සේ ඒ ගැන තැවුණුසේක. ඒක නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මේ ගැන තැවුණුසේක. මේකත් නොවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.


ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: අනේ ස්වාමීන්වහන්ස, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.


නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාව සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාවෙන් ඔව්හු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.


නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.