මෝසෙස් අතින් ඉශ්‍රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේද පනත්වලද නියෝගවලද ප්‍රකාරයට මා ඔවුන්ට අණකළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝනම්, නුඹලාගේ පියවරුන්ට මා නියමකළ දේශයෙන් ඔවුන්ගේ පාද තවත් අහක්ව යන්ට නොසලස්වන්නෙමියි කීසේක.
යෙරෙමියා 7:7 - Sinhala Revised Old Version මා විසින් නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලේටම දුන්නාවූ දේශය වන මේ ස්ථානයෙහි නුඹලා වාසයකරවන්නෙමි. Sinhala New Revised Version එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයට ම මා දුන් මේ දේශයේ, මේ ස්ථානයේ, වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි. Sinhala New Revised Version 2018 එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයට ම මා දුන් මේ දේශයේ, මේ ස්ථානයේ, වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි. |
මෝසෙස් අතින් ඉශ්‍රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේද පනත්වලද නියෝගවලද ප්‍රකාරයට මා ඔවුන්ට අණකළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝනම්, නුඹලාගේ පියවරුන්ට මා නියමකළ දේශයෙන් ඔවුන්ගේ පාද තවත් අහක්ව යන්ට නොසලස්වන්නෙමියි කීසේක.
එනම්: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද නුඹලාගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී ස්වාමීන්වහන්සේ නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයටම දුන් දේශයෙහි වාසයකරන්න.
එබැවින් දැන් නුඹලාගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.
ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.
මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.
ඉදින් ඉශ්‍රායෙල්, නුඹ හැරීඑන්නෙහිනම් නුඹ හැරීඑන්ට ඕනෑ මා වෙතටයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹේ පිළිකුල්කම් නුඹ මා ඉදිරියෙන් පහකළොත්, නුඹ අහක්කරනු නොලබන්නෙහිය.
මා විසින් ඈ ගැන නියමකළ සියල්ල ලෙස ඇගේ වාසස්ථානය සිඳදමනු නොලබන පිණිස: නුඹ මා කෙරෙහිම භයවී අවවාදය පිළිගන්නෙහියයි කීවෙමි. එහෙත් ඔව්හු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය.
නුඹටත් නුඹෙන් පසු නුඹේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයටම නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.