යෙරෙමියා 7:1 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙය ය: Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙය ය: |
යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරටුවේ සිට එහිදී මේ වචනය ප්‍රකාශකරන්න. එනම්: ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ට මේ දොරටුවලින් ඇතුල්වන යූදාහි සියල්ලෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.