ඒ නිසා ස්වාමීන්වහන්සේගේ උදහස යූදා සහ යෙරුසලම කෙරෙහි පැමිණියේය, නුඹලාගේ ඇස්වලට පෙනෙන හැටියට ඔබ මොබ විසිකරනු ලැබීමටත් පුදුමයක් සහ නින්දාවක් වීමටත් උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක.
යෙරෙමියා 51:37 - Sinhala Revised Old Version ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය. Sinhala New Revised Version එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය; සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය; භීතියට හා සරදමට කරුණක් වන්නී ය. Sinhala New Revised Version 2018 එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය; සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය; භීතියට හා සරදමට කරුණක් වන්නී ය. |
ඒ නිසා ස්වාමීන්වහන්සේගේ උදහස යූදා සහ යෙරුසලම කෙරෙහි පැමිණියේය, නුඹලාගේ ඇස්වලට පෙනෙන හැටියට ඔබ මොබ විසිකරනු ලැබීමටත් පුදුමයක් සහ නින්දාවක් වීමටත් උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක.
මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මෙසේ ඔවුන්ගේ දේශය විස්මයක්ද නිරන්තර කවටකමක්ද කරති; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව තමුන්ගේ හිස් වනන්නෝය.
මම මේ නුවර විස්මයක්ද කවටකමක්ද කරන්නෙමි; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්වී, ඊට පැමුණුණු සියලු විපත්ති ගැන කවටකම්කරන්නෝය.
තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.
මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.
මම කඩුවද සාගතයද වසංගතයද ඇතුව ඔවුන් පස්සේ එළවාගෙන ගොස්, පොළොවේ සියලු රාජ්‍යවල ඔබමොබ විසුරුවනු ලැබීමටත් මා විසින් ඔවුන් පන්නාදමනලද සියලු ජාතීන් අතරේ ශාප වචනයක්ද විස්මයක්ද කවටකමක්ද නින්දාවක්ද වීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.
ඒදොම විස්මයට හේතුවක් වන්නේය. ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව, ඊට පැමුණුණු සියලු විපත්ති ගැන සරදම්කරන්නෝය.
හාශෝර් වනාහි සිවලුන්ගේ වාසයක්ද සදාකාල පාළුවක්ද වන්නේය. කිසි මනුෂ්‍යයෙක් එහි වාසයකරන්නේවත් කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි නැවතී සිටින්නේවත් නැත.
දේශය චංචලවී වේදනා විඳියි. මක්නිසාද බබිලොන් දේශයෙහි වැසියෙක් නොසිටින හැටියට පාළුකිරීමට තිබෙන ස්වාමීන්වහන්සේගේ යෝජනා බබිලෝනියට විරුද්ධව ස්ථිරව තිබේ.
මම යෙරුසලම ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද කරන්නෙමි; වැසියෙක් නොසිටින හැටියට මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමි.
මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.
ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.
ඔහු බලවත් හඬකින් මොරගසා: මහා බබිලෝනිය වැටුණාය, වැටුණාය, ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍රවූ පිළිකුල්වූ පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය.