යෙරෙමියා 49:32 - Sinhala Revised Old Version ඔවුන්ගේ ඔටුවෝ කොල්ලයක්ද ඔවුන්ගේ ගව සමූහයා ගොදුරක්ද වන්නෝය. හිසකේ කොන් කපාදමන අය මම සියලු දිශාවලට විසුරුවන්නෙමි; එහි සෑම පැතිවලින්ද ඔවුන්ට විනාශය පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. Sinhala New Revised Version ඔවුන්ගේ ඔටුවන් ද ගව පට්ටි ද කොල්ලයට ගන්න. හිස බූගාගන්න අය මම හැම අතට ම විසුරුවාදමන්නෙමි. හැම දිශාවකින් ම ඔවුන් පිට විනාශය පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ ඔටුවන් ද ගව පට්ටි ද කොල්ලයට ගන්න. හිස බූගාගන්න අය මම හැම අතට ම විසුරුවාදමන්නෙමි. හැම දිශාවකින් ම ඔවුන් පිට විනාශය පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය. |
මම ඒලාමට විරුද්ධව අහසේ සතර කොනෙන් හුළං සතරක් පමුණුවා, ඒ සියලු හුළංවලට ඔවුන් විසුරුවා දමන්නෙමි; පන්නනු ලබන ඒලාම්වරුන් නොපැමිණෙන්නාවූ කිසි ජාතියක් නොවන්නේය.
එනම් මිසරයටද යූදාටද ඒදොම්ටද අම්මොන් පුත්‍රයන්ටද මෝවබ්ටද තමුන්ගේ රැවුල් කොන් කැපුවාවූ කාන්තාරයෙහි වාසයකරන්නාවූ සියල්ලන්ටද මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය. මක්නිසාද සෑම ජාතීහු අචර්මඡේදිතවද මුළු ඉශ්‍රායෙල් වංශය සිතින් අචර්මඡේදිතවද සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් නුඹ තුළ පියවරු පුත්‍රයන්ද පුත්‍රයෝ තමුන්ගේ පියවරුන්ද කන්නාහ; මම නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකොට, නුඹේ ඉතිරි සියල්ලන් දස දෙස විසුරුවාදමන්නෙමි.
නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.
පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ නුඹ විසුරුවාදමනසේක; එහිදී නුඹවත් නුඹේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට නුඹ සේවයකරන්නෙහිය.