යෙරෙමියා 49:22 - Sinhala Revised Old Version බලව, ඔහු රාජාලියෙකු මෙන් නැගී ඉගිලී ඇවිත්, බොශ්රා පිට තමාගේ පියාපත් විදහනවා ඇත. ඒ දවසේ ඒදොමේ බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය. Sinhala New Revised Version සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.” Sinhala New Revised Version 2018 සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.” |
එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය; පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය; මුහුද මැද නැවක් යන මාර්ගය; කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.
ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.
ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.
එබැවින් මාගේ ඉඟටිය වේදනාවෙන් පිරී තිබේ; බිහිකරන ස්ත්‍රියෙකුගේ විළිරුජා මෙන් රුජා මට අල්ලා තිබේ. කන් නොඇසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැලඹී සිටිමි.
ගර්භණියක් බිහිකරන්ට ළංවෙන විට විළිරුජාවෙන් මිරිකී කෑගසන්නාක්මෙන්, ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි අපි සිටි-යෙමුව.
නුඹට යහළුවන් වෙන්ට නුඹම ඉගැන්වූ අයවලුන් උන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රධානකමට පත්කරන විට නුඹ මක්කියන්නෙහිද? බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් නුඹට වේදනා අල්ලන්නේ නැද්ද?
අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව නුඹට පැමිණෙන විට නුඹ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?
පුරුෂයෙක් බිහිකරන වේදනා විඳින්නේද කියා අසා බලන්න. බිහිකරන ස්ත්‍රියෙකු මෙන් සියලු පුරුෂයන් ඉඟටියේ අත් තබාගන ඉන්නවාත් සියලු මුහුණු සුදුමැළිව තිබෙනවාත් මට පෙනෙන්නේ මක්නිසාද?
බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.
මක්නිසාද විළිරුජා ඇති ස්ත්‍රියෙකුගේ හඬ මෙන්ද කුලුඳුලා බිහිකරන ස්ත්‍රියෙකුගේ ගාවිනාව මෙන්ද සියොන් දුවගේ හඬ මට ඇසුණේය, ඈ හතිදමා, කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගන: අහෝ මට දුකය! මක්නිසාද ඇගේ ප්‍රාණය මිනීමරුවන් නිසා ක්ලාන්තවී තිබේයයි කියන්නීය.
දමස්කය බෙලහීනව පලායන්ට හැරුණාය, වෙවුලුම ඈ අල්ලාගත්තේය. බිහිකරන ස්ත්‍රියෙකුට මෙන්, විපත්තියද වේදනාවද ඈට පැමිණ තිබේ.
කඩුවක් පේනකියන්නන් පිටට පැමිණ, ඔවුන් මෝඩයන් වෙනවා ඇත. කඩුවක් ඇගේ හේවායින් පිටට පැමිණ ඔවුන් කැලඹෙනවා ඇත.
බබිලෝනියේ රජු ඔවුන් ගැන කීර්තිය අසා තිබේ, ඔහුගේ අත් හෙළා වැටී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද ඔහුට අල්ලා තිබේ.
ඒ ප්‍රවෘත්තිය අප විසින් අසා තිබේ; අපේ අත් දුර්වලවී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද අපට අල්ලා තිබේ.
පළමුවෙනියා සිංහයෙකු මෙන්ය, ඌට රාජාලි පියාපත් තිබුණේය. මා බලාසිටින අතර උගේ පියාපත් උදුරාදමා, ඌ පොළොවෙන් ඔසවා, මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් සිටවනු ලැබීය, මනුෂ්‍ය සිතක් ද ඌට දෙනලද්දේය.
හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
ඒසව්ගේ කඳුකරයෙන් හැමදෙනාම මරා සිඳදමනු ලබන පිණිස, එම්බා තේමාන්, නුඹේ බලවන්තයෝ කැලඹෙන්නෝය.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.