එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.
යෙරෙමියා 44:21 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ විසින් සිහිකර සිතටගත්තේ නුඹලාද නුඹලාගේ පියවරුන්ද නුඹලාගේ රජවරුන්ද නුඹලාගේ අධිපතීන්ද දේශයෙහි සෙනඟද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් ඔප්පුකළ සුවඳ දුම් නොවේද? Sinhala New Revised Version “ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද? Sinhala New Revised Version 2018 “ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද? |
එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.
අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා.
ස්වාමීන්වහන්ස, ඉතා උදහස්නූව මැනව, අයුතුකම් සෑම කල්ම සිහිනොකළ මැනව. අනේ බැලුව මැනව, අපි සියල්ලෝම ඔබගේ සෙනඟය.
මක්නිසාද, යූදා, නුඹේ නුවරවල ගණනට නුඹේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි ගණනේ හැටියට නුඹලා ඒ නින්දිතයාට පූජාසන එනම් බාල්ට සුවඳ දුම් දවන්ට පූජාසන පිහිටුවා තිබේ.
ඔවුන් තමුන්ගේ පාද නවත්වා නොගෙන මුළාවයන්ට මෙපමණ ප්‍රියවූ බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි අප්‍රසන්නවූසේකැයි කියාත් දැන් උන්වහන්සේ ඔවුන්ගේ අපරාධකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනවා ඇත කියාත් ස්වාමීන්වහන්සේ මේ සෙනඟට කියනසේක.
එසේ වන්නේ මා කෝපකරවන හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද යූදා පුත්‍රයන්ද ඔවුන්ගේ රජවරුන්ද ඔවුන්ගේ අධිපතීන්ද ඔවුන්ගේ පූජකයන්ද ඔවුන්ගේ අනාගතවක්තෘවරුන්ද යූදාහි මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද කළාවූ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසාය.
අපේ මුඛයෙන් නික්මුණු සියලු වචනවල හැටියටම අපි කොට, අපද අපේ පියවරුන්ද අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් කළාක්මෙන් අපි අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට, ඈට පානපූජාවන් වගුරුවන්නෙමුව. මක්නිසාද ඒ කාලයේ අපි බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැපසේ සිටියෙමුව.
එවිට යෙරෙමියා මුළු සෙනඟ වන පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් එනම් ඔහුට ඒ උත්තරය දුන් මුළු සෙනඟට කථාකොට:
යූදා දේශයෙහිත් යෙරුසලමේ වීථිවලත් කළාවූ නුඹලාගේ පියවරුන්ගේ නපුරුකම්ද යූදාහි රජවරුන්ගේ නපුරුකම්ද ඔවුන්ගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාගේම නපුරුකම්ද නුඹලාගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාට මතකනැතිවීද?
ඔවුන්ගේ සියලු දුෂ්ටකම් මට මතක තිබෙන බව ඔව්හු තමුන්ගේ සිත්වලින් කල්පනා නොකරති. දැන් ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් වටවී සිටිති; ඒවා මාගේ මුහුණ ඉදිරිපිට තිබේ.
ඔවුන්ගේ සියලු ක්‍රියාවල් කවදාවත් මතකනැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ තේජස ගැන දිවුරා තිබේ.
ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය.
දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.