එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.
යෙරෙමියා 35:14 - Sinhala Revised Old Version රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් මුද්‍රිකපානය බොන්ට එපාය කියා තමාගේ පුත්‍රයන්ට අණකළ වචන ඉෂ්ට කරනලද්දේය. ඔව්හු අද දක්වා ඒවා නොබී, තමුන්ගේ පියාගේ ආඥාවට කීකරුවෙති. එහෙත් මා අලුයම් වේලාවේ පටන්ම නුඹලාට කථාකළ නුමුත් නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. Sinhala New Revised Version රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් මුද්‍රික පානය බොන්නට එපා ය කියා තමාගේ පුත්‍රයන්ට දුන් අණ ඔවුන් විසින් පිළිපදින ලද්දේ ය. ඔව්හු අද දක්වා ඒවා නොබී තමන්ගේ පියාගේ අණට කීකරු වෙති. එහෙත්, මුල සිට ම මා නුඹලාට කතා කළ නමුත්, නුඹලා මට ඇහුම්කන් නුදුන්නහු ය. Sinhala New Revised Version 2018 රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් මුද්‍රික පානය බොන්නට එපා ය කියා තමාගේ පුත්‍රයන්ට දුන් අණ ඔවුන් විසින් පිළිපදින ලද්දේ ය. ඔව්හු අද දක්වා ඒවා නොබී තමන්ගේ පියාගේ අණට කීකරු වෙති. එහෙත්, මුල සිට ම මා නුඹලාට කතා කළ නමුත්, නුඹලා මට ඇහුම්කන් නුදුන්නහු ය. |
එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.
එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.
මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.
මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා මම අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට අවවාදකර–නුඹලා මාගේ හඬට කීකරුවෙන්නැයි අවවාදකරමින් කීවෙමි.
නුඹලා විසින් කන් දෙන්ට නොයෙදුණාවූ අනාගතවක්තෘවරුන් වන මාගේ සේවකයන්ගේ වචනවලට ඇහුම්කන්දෙන හැටියටත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්,
මෙසේ කරන්නේ මා විසින් අලුයම නැගිට මාගේ සේවකයන්වූ අනාගතවක්තෘවරුන් ඔවුන් ළඟට ඇරිය නුමුත් ඔවුන් මාගේ වචන නෑසූ නිසායයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාද ඇසුවේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු මට මුහුණ නොව පිට පෑවෝය. මා අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට ඉගැන්වූ නුමුත් ඔව්හු අසා දැනමුතුකම පිළිනොගත්තෝය.
රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ්ගේ පුත්‍රයෝ ඔවුන්ගේ පියා ඔවුන්ට අණකළ ආඥාව ඉෂ්ටකළෝය, නුමුත් මේ සෙනඟ මට ඇහුම්කන් නුදුන්නෝය.
නුමුත් ඔව්හු: අපි මුද්‍රිකපානය නොබොම්හ. මක්නිසාද අපේ පියවූ රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් අපට අණකරමින්–නුඹලාවත් නුඹලාගේ පුත්‍රයෝවත් කිසිකලක මුද්‍රිකපානය නොබී සිටින්න.
ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්,