මීකායා කථාකොට: එබැවින් ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේගේ දකුණු පැත්තේද වම් පැත්තේද සිටිනවාත් දුටුමි.
යෙරෙමියා 34:4 - Sinhala Revised Old Version එහෙත් යූදාහි ශෙදෙකියා රජ්ජුරුවෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ නුඹ ගැන මෙසේ කියනසේක: Sinhala New Revised Version එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා, ස්වාමීන් වන මම නුඹ ගැන කියන දේට සවන් දෙන්න. නුඹ යුද්ධයේ දී නොමැරෙන්නෙහි ය. Sinhala New Revised Version 2018 එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා, ස්වාමීන් වන මම නුඹ ගැන කියන දේට සවන් දෙන්න. නුඹ යුද්ධයේ දී නොමැරෙන්නෙහි ය. |
මීකායා කථාකොට: එබැවින් ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේගේ දකුණු පැත්තේද වම් පැත්තේද සිටිනවාත් දුටුමි.
එම්බා යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ හැම පවුල්වල සෙනඟෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
ඔහු ශෙදෙකියා බබිලෝනියට ගෙන යන්නේය, මා මොහු දෙස බලා විමසන තුරු මොහු එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලා කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකළත් නුඹලාට ජය නොලැබෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි නුඹ කියන්නේ මක්නිසාදැයි කියා ඔහු හිර අඩස්සිකෙළේය.
නුඹද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; නුඹේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද නුඹේ මුඛය සමඟ කථාකරනවා ඇත, නුඹ බබිලෝනියට පැමිණෙනවා ඇත.
නුඹ කඩුවෙන් නොමැරී, සමාදානයෙන් නසින්නෙහිය; නුඹට පළමුවෙන් සිටි ප්‍රථම රජවරුන් වන නුඹේ පියවරුන් ගැන පැවැත්තුවාවූ දැවීම් මෙන් නුඹ ගැනත් දැවීමක් පවත්වා: අහෝ ස්වාමිනි! කියා නුඹ ගැන විලාපකියනවා ඇත, මක්නිසාද ඒ වචනය කීවේ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරටුවේ සිට එහිදී මේ වචනය ප්‍රකාශකරන්න. එනම්: ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ට මේ දොරටුවලින් ඇතුල්වන යූදාහි සියල්ලෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.