ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 25:26 - Sinhala Revised Old Version

එකිනෙකාට සමීපව සිටින්නන් සහ දුරුව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත් පෙවුවෙමි. මොවුන්ට පසුව ෂේෂක්හි රජ බොනවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 25:26
12 හුවමාරු යොමු  

නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය.


තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


ෂේෂක් අසුවූ හැටි! මුළු පොළොවේ කීර්තිය ඇත්තී අල්ලනු ලැබූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ පාළුවක්වූ හැටි!


අපි නින්දාව ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමුව; විදේශීන් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ශුද්ධස්ථානවලට ඇතුල්වූ බැවින් අපේ මුහුණු වියවුල්කමින් වැසී තිබේ.


එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝද සියලු ශීදොන්වරුද සිටිති; ඔව්හු මැරුම්කෑ අය සමඟ බැසගියෝය; ඔව්හු තමුන්ගේ බලවන්තකමෙන් ඉපදෙවූ භීතිය ගැන ලජ්ජාවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරති.


නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්‍රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.