යෙරෙමියා 16:9 - Sinhala Revised Old Version මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹලාගේ ඇස් ඉදිරියේදීත් නුඹලාගේ දවස්වලදීත් ප්‍රීති සන්තෝෂ හඬද මනමාලයාගේ සහ මනමාලීගේ හඬද මේ ස්ථානයෙන් නවත්වන්නෙමි. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි. |
ඇරත් මම ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළියද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.
එවිට යූදා නුවරවලිනුත් යෙරුසලමේ වීථිවලිනුත් ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද නවත්වන්නෙමි. මක්නිසාද දේශය පාළුවක් වන්නේය.
මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
ඇගේ සියලු ප්‍රීතියද ඇගේ මංගල්‍යයන්ද ඇගේ අමාවක්ද ඇගේ සබත් දවස්ද ඇගේ සියලු නියම රැස්වීම්ද පහකරන්නෙමි.