දෙවියන්වහන්ස, ඔබ මහත් වර්ෂාවක් එවූසේක, ඔබගේ උරුමය විඩාවූ විට ඔබ එය ශක්තිමත්කළසේක.
අහෝ දෙවිඳුනි! ඔබ බහුල ව වැසි වස්වන සේක; ඔබේ උරුමය මැලවී යන විට ඔබ එය යළි සාරවත් කළ සේක.
උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ඒ ළඟින් ගියසේක, ස්වාමීන්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළඟෙහි නොවූසේක. හුළඟට පසු පොළෝකම්පාවක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ පොළෝකම්පාවෙහි නොවූසේක.
ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
මම ඔවුන් සහ මාගේ කන්ද වටකර ඉඩම් ආශීර්වාදයක් කරන්නෙමි; වැස්ස නියම කාලයට වස්වන්නෙමි; ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත.
නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට නුඹලාගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.
ස්වාමීන්වහන්ස, ඔබ සේයිර් සිට නික්මගිය කලද ඒදොම් පළාතේ සිට නැගී ආකලද පොළොව වෙවුලුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වෑස්සුණේය.
කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සීනයි කන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය.