ගීතාවලිය 68:15 - Sinhala Revised Old Version බාෂාන් කන්ද දෙවියන්වහන්සේගේ කන්දක්ය; බාෂාන් කන්ද උස් කන්දක්ය. Sinhala New Revised Version බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි. Sinhala New Revised Version 2018 බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි. |
කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.
තලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද්ද බාෂාන්හි ඕග්ගේ රාජ්‍යයේ නුවරවල් වූ සලෙකා සහ එද්රෙයි දක්වා මුළු බාෂාන් රටද අල්ලා ගතිමු.
අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද ශල්මොන් කන්දට නැගී ගියෝය; අබිමෙලෙක් අතින් පොරවක් ගෙන ගසකින් අත්තක් කපා ඒක උස්සා කර පිට තබාගෙන තමා සමඟ සිටි සෙනඟට කථාකොට: මා කරනවා නුඹලා දුටු දේම නුඹලාත් ඉක්මනින් කරන්නැයි කීවේය.