ගීතාවලිය 25:20 - Sinhala Revised Old Version මාගේ ආත්මය ආරක්ෂාකොට මා මිදුව මැනව. ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින් මම ලජ්ජා නොවෙම්වා. Sinhala New Revised Version මා රැකවල් කොට මා මිදුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා! Sinhala New Revised Version 2018 මා රැකවල් කොට මා මිදුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා! |
උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.
මාගේ ප්‍රාණය රක්ෂාකළ මැනව; මක්නිසාද මම භක්තිවන්තයෙමි. මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකරන ඔබගේ මෙහෙකරුවා ගැළෙවුව මැනව.
යේසුස්වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා, පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමියි කීසේක. මෙසේ කියා උන්වහන්සේ ආත්මය හළසේක.
ස්වාමිවූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාච්ඤාකරද්දී ඔව්හු ඔහුට ගල්ගැසුවෝය.