ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 136:3 - Sinhala Revised Old Version

ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රාජාතිරජිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රාජාතිරජිඳුන්ට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 136:3
4 හුවමාරු යොමු  

මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.


ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ,


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.


උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.