ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක.
ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක.
ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.
මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය.
ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.
මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.