ගීතාවලිය 119:80 - Sinhala Revised Old Version මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා. Sinhala New Revised Version මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව. Sinhala New Revised Version 2018 මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පනත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව. |
නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය.
ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් සම්පූර්ණ සිතකින් නොවේය.
ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය.
මම නුඹලා මෙය තුළෙන් පිටකර, විදේශීන් අතට නුඹලා පාවාදී, විනිශ්චයන් නුඹලා කෙරෙහි ඉෂ්ටකරන්නෙමි.
යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.
මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
මේ පනත් හා විනිශ්චයවල් පවත්වන්ට අද දවසේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකරනසේක. එබැවින් ඒවා නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද පවත්වන්ට බලාගන්න.
ඉතින්, මාගේ ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතෙන්න; එසේ කළ යුතුවන්නේ උන්වහන්සේ ප්‍රකාශවුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජානොවී නිර්භීතකම ඇතුව සිටින පිණිසය.