රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.
ගීතාවලිය 119:66 - Sinhala Revised Old Version යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි. Sinhala New Revised Version මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි. Sinhala New Revised Version 2018 මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි. |
රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.
එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය.
එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.
උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව,
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.