ස්වාමිනි, ඔබගේ වචනය පරිද්දෙන් ඔබගේ කරුණාව, එනම් ඔබගේ ගැළවීම, මා වෙතට පැමිණේවා.
සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව.
ඔබ දෙන ගැළවීම හා ඔබගේ ධර්මිෂ්ඨ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
ඔබගේ නාමයට ප්‍රේමවන්නන්ට ඔබගේ ව්‍යවහාරය ලෙස, මා දෙසට හැරී මට කරුණාකළ මැනව.
ස්වාමිනි, මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි; ඔබගේ ව්‍යවස්ථාවද මාගේ ප්‍රීතියය.
මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය.
මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව.
මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.