දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
ගීතාවලිය 119:37 - Sinhala Revised Old Version නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව. Sinhala New Revised Version නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව. Sinhala New Revised Version 2018 නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව. |
දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.
නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.
ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ, අවංකකමින් කථාකරන්නාවූ, බලාත්කාරකමේ ප්‍රයෝජනය එපාකරන්නාවූ, අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නාවූ, මිනීමැරීම ගැන නෑසෙන ලෙස කන් වසාගන්නාවූ, නපුර නොදකින්ට ඇස් පියාගන්නාවූ තැනැත්තාම
නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,
නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.
කොල්ලය අතරේ ශෝභන බබිලෝනිය සළුවක්ද රිදී ෂෙකෙල් දෙසියයක්ද ෂෙකෙල් පනසක් බර ඇති රන් පේනුවක්ද මම දැක, ඒවාට ආශාවී, ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ, ඊට යටින් රිදී තිබේ යයි කීවේය.
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.