මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි.
ගීතාවලිය 119:175 - Sinhala Revised Old Version මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය; ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා. Sinhala New Revised Version ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව. ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා! Sinhala New Revised Version 2018 ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව. ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා! |
මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි.
මා වළට බසින කල මාගේ ලෙයින් ඇති ප්‍රයෝජනය කිම්ද? ධූලි ඔබට ප්‍රශංසාකරන්නේද? ඔබගේ සත්‍යතාව ප්‍රකාශකරන්නේද?
ජීවත්ව සිටින්නා–ජීවත්ව සිටින්නාම–අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.
නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.