ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 115:18 - Sinhala Revised Old Version

නුමුත් අපි මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් වර්ණනාකරන්නෙමුව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 115:18
6 හුවමාරු යොමු  

මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාවේවා;


සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.


මාගේ මුඛය ස්වාමීන්ගේ ප්‍රශංසාව කියන්නේය, මාංසමයවූ සියල්ලෝද සදාකාලේටම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.


දානියෙල් කථාකොට: දෙවියන්වහන්සේගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය.


තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ: සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ප්‍රංශසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි.