මම නිදා නොගෙන වහල පිට තනිව සිටින ගේකුරුල්ලෙකු සමානවෙමි.
මම නොනිදා සිටිමි; වහල උඩ තනි ව වැලපෙන කුරුල්ලෙකුට සමාන වෙමි.
මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි.
අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.
මාගේ දෙවියනි, දාවල් ඔබට හඬ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙනසේක; රාත්‍රියේද නිශ්ශබ්දව නොසිටිමි.
මට ආදර ඇත්තෝද මාගේ මිත්‍රයෝද මාගේ විපත්තිය කෙරෙන් ඈත්ව සිටිති; මාගේ නෑයෝ දුරින් සිටිති.
ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි.