ගලාති 4:21 - Sinhala Revised Old Version ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න. Sinhala New Revised Version ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න. සිංහල කාලීන පරිවර්තනය මට මෙය කියන්න, දහම් නීතිය යටතේ සිටින්නට ආශා ඔබ, දහම් නීතියට කන් දෙන්නේ නැද්ද? Sinhala New Revised Version 2018 ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න. |
නුමුත් ආබ්‍රහම්: මෝසෙස් සහ අනාගතවක්තෘවරු ඔවුන්ට සිටිති; ඔව්හු ඔවුන්ගේ වචන අසත්වයි කීවේය.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා දෙවිවරුයයි මම කීමියි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙනවා නොවේද? (ලියවිල්ල කඩවෙන්ට බැරිය.)
එබැවින් සමූහයා උන්වහන්සේට උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ සදාකල් සිටිනසේකැයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේවී නම්–මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදැයි කීවෝය.
(මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.
ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය.
කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?