ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 5:10 - Sinhala Revised Old Version

එක එක මනුෂ්‍යයාගේ විශුද්ධ දේ ඔහුට වන්නේය. යම් මනුෂ්‍යයෙක් පූජකයාට දෙන කොයි දේත් ඔහුට වන්නේයයි කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ “යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 5:10
4 හුවමාරු යොමු  

එය නිරන්තරයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් දිය යුත්තක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද වන්නේය. මක්නිසාද එය එසවීමේ පූජාවක්ය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් එනම් ඔවුන් විසින් ස්වාමීන්වහන්සේට ඔසවන පූජාවලින් එසවීමේ පූජාවක් වන්නේය.


ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් එය නුඹේද නුඹේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය.


මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ එලෙයාසර්ට දුන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: