ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආත්මය ඇති මනුෂ්‍යයෙක් වන නූන්ගේ පුත්‍රවූ යෝෂුවා කැඳවා නුඹේ අත ඔහු පිට තබන්න;
ගණන් කථාව 27:23 - Sinhala Revised Old Version තමාගේ අත් ඔහු පිට තබා, ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස අණක් ඔහුට දුන්නේය. Sinhala New Revised Version ඔහු මත තම අත් තබා උන් වහන්සේ අණ කළ පරිදි ඔහුට වගකීම පැවරී ය. Sinhala New Revised Version 2018 ඔහු මත තම අත් තබා උන් වහන්සේ අණ කළ පරිදි ඔහුට වගකීම පැවරී ය. |
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආත්මය ඇති මනුෂ්‍යයෙක් වන නූන්ගේ පුත්‍රවූ යෝෂුවා කැඳවා නුඹේ අත ඔහු පිට තබන්න;
පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි ඔහු සිටුවා ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ඔහුට අණක් දෙන්න.
මෝසෙස් ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස කොට යෝෂුවා කැඳවාගෙන පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි සිටුවා,
එකල මම යෝෂුවාට අණ දෙමින්: නුඹලාගේ ස්වාමීන්වහන්සේ මේ රජුන් දෙදෙනාට කළ සියල්ල නුඹේ ඇසින් දුටුවෙහිය. නුඹ පැමිණෙන සියලු රාජ්‍යවලට ස්වාමීන්වහන්සේ එසේම කරනසේක.
එහෙත් යෝෂුවාට අණදී ඔහු ධෛර්යමත්කර ඔහු ශක්තිමත්කරන්න. මක්නිසාද ඔහු මේ සෙනඟට පෙරටුව ගොස් නුඹ දක්නා දේශය තෙමේම ඔවුන්ට උරුම කරදෙන්නේයයි මට කීසේක.
උන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට අණකරමින්: නුඹ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දිවුළ දේශයට නුඹ ඔවුන් ගෙනයන්නෙහිය. මමද නුඹ සමඟ සිටින්නෙමියි කීසේක.
මෝසෙස් තමාගේ අත් නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පිට තැබූ බැවින් ඔහු ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ වුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔහුට කීකරුවී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝය.