ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.
ගණන් කථාව 27:20 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඔහුට කීකරුවන පිණිස නුඹට ඇති ගරුතරකමෙන් කොටසක් ඔහු කෙරෙහි තබන්න. Sinhala New Revised Version මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න. Sinhala New Revised Version 2018 මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න. |
ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.
එවිට සාලමොන් තමාගේ පියවූ දාවිත් වෙනුවට රජව ස්වාමීන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සඵලවුණේය; සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට කීකරුවූවෝය.
ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවෙහි සාලමොන් ඉතා උසස්කොට, ඉශ්‍රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන්සේක.
මම බැස එහිදී නුඹ සමඟ කථාකරන්නෙමි. නුඹ තනියම සෙනඟගේ බර නූසුලා, ඔවුන් නුඹ සමඟ එය උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි.
පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි ඔහු සිටුවා ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ඔහුට අණක් දෙන්න.
පූජකවූ එලෙයාසර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌරීම් විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, නුඹ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.
තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.