ගණන් කථාව 2:19 - Sinhala Revised Old Version ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස්දාස් පන්සියයක්ය. Sinhala New Revised Version ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ. Sinhala New Revised Version 2018 ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ. |
බස්නාහිර පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. එප්‍රායිම්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා වන්නේය.
එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය තිස් දෙදාස් පන්සියයක්ය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ ඔව්හුය.